ඔන්න ඉතින් මාත් හා හා පුරා කියල බ්ලොග් සටහන් ලියන්න පටන්ගත්තා නොවැ.අනුන්ගේ ඕපාදූපයක් තමා ඉතින් ලියන්න ලැස්තිවෙන්නේ.හොද දෙයක් තියෙනවානම් ඉතින් ජීවිතේට එකතුකර ගන්නකො.මේක උනේ කුරුනැගල ඇතුගලේ...නිවාඩුවක් ලැබෙන හැම වෙලාවකම කොහෙ හරි රවුමක් යන්න ආසා මට යන්න දිහාවක් නැත්තම් අතුගලට තම යන්නේ...පංති යනවා කියලා ඇතුගලට යන ප්‍රේම ජෝඩුනම් ඕනෙතරම් ඉන්නවා..කොච්චර තහනම් කරත් ඒක නවත්තන්න බැ.එදත් එහෙම ගිය ජෝඩුවක් අහුවෙලා පොලිස් මාමලාට.ඔන්න ඉතින් සෙනගත් පිරිලා....
එක පොලිස් මාමා කෙනෙක් දේන්නගේ දෙමව් පියන් ගෙන්නන්න ලැස්තිය.එක පාරටම කෙල්ල මෙහම කිව්වා..."සර් මෙයා මාව බලෙන් එක්ක ආවේ..මම එන්න බැකිව්වා.මට ඉගෙන ගන්න දෙන්නැතිව මෙයා තමා මාව මෙහාට එක්කගෙන ආවේ.මම ඇතුගලට මීට කලින් ඇවිත් නැ."
කොල්ලා ගල් ගැහිලා බලාගෙන හිටියා..දෙන්නවම පොලිසියට අරන් ගියා.එතනින් එහාට උන දේවල් මම නම් දන්නේ නැ..ඒත් ඉතින් රාගය මුල්වූ ප්‍රේමයක මේ වගේ කතා ඇහෙන එකත් පුදුමයකුත් නැ...මට නම් හිතුනේ එකම දෙයයි.එතකොට කෙල්ල සියබලා ගෙනාවෙම නැද්ද?